මේ කියන ප්‍රශ්නෙදි Folder එකක් ඇතුලෙදි Tools Menu එකේ Folder Options එක පෙන්වන්නේ නෑ. එ වගේම Control Panel
එකේත් Folder Options
Icon එක පෙන්වන්නෙත් නෑ. පහත රූපයේ පරිදි .
ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ Computer එකට Virus යාම නිසා
තමයි.
මේ ප්‍රශ්නෙ විසඳන්න නම් Windows
Registry එක හදන්න ඕනා. දැන් බලමු ඒක කරන්නේ
කොහොමද කියලා.
1. මුලින්ම Start menu එකේ Run Window
එක Open කර ගන්න.
2. එහි regedit යන්න Type කර Ok කරන්න.
3. එවිට ඔබට පහත පරිදි Registry Editer Window එක ලැබේ.
4. එහි පහත දක්වා ඇති Path එක තෝරා ගන්න.
HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer
ඔබගේ පහසුව සඳහා එය පහත රූපයේ දක්වා
ඇත.
5. ඔබ එම Path
එක නිවැරදිව තේරුවේ නම් එම Window එකේ
දකුණු පසින් පහත රූපයේ පරිදි දිස්
වනු ඇත.
6. එහි NoFolderOptions යන නමින් DWORD File එකක් ඇත්දැයි පරීක්ෂා කර බලන්න.
7. එසේ File එකක් ඇත්නම් එහි අගය 0 කරන්න,
නැත්නම් එය Delete කර දමන්න.
8. දැන් නැවත පහත දක්වා ඇති Path එක තෝරා
ගන්න.
HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer
ඔබගේ පහසුව සඳහා එය පහත රූපයේ දක්වා
ඇත.
9. එහි NoFolderOptions යන නමින් DWORD File එකක් ඇත්දැයි පරීක්ෂා කර බලන්න.
10. එසේ File එකක් ඇත්නම් එහි අගය 0 කරන්න,
නැත්නම් එය Delete කර දමන්න.
11. දැන් ඔබ Folder එකක් තුලට ගොස් Tools Menu එක පරික්ෂා කර බලන්න.එවිට ඔබට පහත පරිදි Folder Options සක්‍රීය වී ඇති බව පෙනේවි.
මෙහි පළවන කිසිදු ලිපියක් අපගේ අවසරයකින් තොරව නැවත පළකිරීමෙන් වලකින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
Post a Comment