සමහර Windows 7 ඇති
Computers On කලාම Internet යන්න බෑ …. Network and Sharing Center එකට ගිහින් බැලුවාම එකේ පෙන්නන්නේ Multiple Network එකක් තියනවා කියලා.
මේක වෙන්නේ කොහොමද , මේක නිරාකරණය කරන්නේ කොහොමද කියලා අද අපි බලමු.
ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ Bonjour Services කියන Apple Program එක නිසා , මේක බොහෝවිට එන්නේ iTunes එක්ක , ඒ වගේම Adobe PS3 Software එක්කත් මේක එනවා.මේක Computer එකේ Install උනා කියලා කිසිම හානියක් නම් වෙන්නේ නෑ.
මේක Install වෙලා Run වෙනකොට පෙන්නන්නේ මෙන්න මේ වගේ නමකින් "##Id_String1.6844F930_1628_4223_B5CC_5BB94B879762##"
හරි දැන් අපි බලමු මේක නවත්වනේ කොහොමද කියලා. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.
1. My Computer මත Right Click කර එහි ඇති Manage යන්න Click කරන්න.
2. එවිට ඔබට පහත රූපයේ පරිදි Window එකක් ලැබේවි.
3. එහි ඇති Services and Applications යන වචනයට ඉදිරියෙන් ඇති කුඩා ඊ හිස මත කරන්න. එවිට ඔබට පහත රූපයේ පරිදි දක්නට ලැබේවි.
4. එහි ඇති Services යන වචනය මත කරන්න.එවිට ඔබට පහත රූපයේ පරිදි දක්නට ලැබේවි.
5. දැන් ඔබ දිග හැරී ඇති Services List එකෙන් Bonjour යන නම හෝ ##Id_String1.6844F930_1628_4223_B5CC_5BB94B879762## යන්න සොයාගන්න.
බොහෝ අවස්ථාවල මේය List එකේ ඉහලින්ම දක්නට ලැබේ.පහත රූපයේ පරිදි
6. එම නම මත Right Click කරන්න. එවිට ඔබට පහත රූපයේ පරිදි දක්නට ලැබේවි.
7. එම Menu එකේ ඇති Properties යන්න කරන්න. එවිට ඔබට පහත රූපයේ පරිදි දක්නට ලැබේවි.
8. දැන් ලැබුණු එම අලුත් Window එකේ General Tab ක තෝරා ගන්න, දැන් පහත රූපයේ පරිදි එම Tab එකේ ඇති Startup Type යන වචනයක් ඔබට දක්නට ලැබේවි.
9. එම Startup Type වචනයට ඉදිරියෙන් ඇති Drop-down List එකෙන් Disabled යන්න තෝරන්න.
10. දැන් Ok මත Click කරන්න.
11. දැන් Computer Management Window එකද Close කර පරිගණකය Restart කර බලන්න.
මෙහි පළවන කිසිදු ලිපියක් අපගේ අවසරයකින් තොරව නැවත පළකිරීමෙන් වලකින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
Post a Comment