Java Install කල පසුත් සමහර අවස්ථා වලදි ජාවා Command Prompt එකේ වැඩ නොකරයි. මෙසේ වීමට හේතුව ජාවා Path එක නිසිපරිදි නොසෑදීමයි. මෙය නිවැරදි කරගන්නා ආකාරය බොහො දෙනෙකුට ගැටළුවක් වන නිසා අද අපි එය නිවැරදි කරගන්නා ආකාරය බලමු.
1. පලමුව Java සාමාන්‍ය ආකාරයට Install කරන්න.
2. එසේ Java Install වූ පසු Command Prompt එක Open කර javac එහි යන්න Type කර Enter Key එක ඔබන්න.
3. එවිට පහත රූප සටහනේ දැක්වෙන පරිදි Command Prompt එක දර්ශණය වේනම් Java Path එක නිසිපරිදි සකස් වී ඇත.
4. නමුත් එය පහත ආකාරයට දර්ශණය වේනම් Java Path එක නිසිපරිදි සකස් නැත.
5. එය විසඳිමට පහත පියවර අනුගමනය කරන්න.
6. පළමුව පහත රූපයේ පරිදි Java Install වූ Folder එක සොයා ගන්න.
සැ:යු මෙහි දක්වා ඇති Java Install කර ඇත්තේ C: Drive එකේ Program File තුලය. එසේම Install කර ඇති Java Version එක වනුයේ jdk-6u20 වේ.
7. දැන් එම Folder එක Open කර ගන්න. එවිට ඔබට එය පහත පරිදි දිස්වේ.
8. දැන් එම Folder එක තුල ඇති jdk1.6.0_20 යන Floder එක Open කර ගන්න. එවිට ඔබට එය පහත පරිදි දිස්වේ.
9. දැන් එම Folder එක තුල ඇති bin ලෙස සඳහන් Folder එකක් ඔබට දිස්වනු ඇති, එම Floder එක Open කර ගන්න.
10. දැන් ඔබ පහත රූප සටහනේ දක්වා ඇති පරිදි, එම Folder එකේ Address එක Copy කරගන්න.
11. ඉන් පසු පහත රූප සටහනේ දැක්වෙන පරිදි පරිගණකයේ Desktop එකට පිවිස My Computer Icon එක මත Right Click කර System Properties Dialog box එක ලබා ගන්න.
Java Path එක සෑදීමේ ක්‍රියාවලිය Windows XP හා Windows 7 හිදි එකම වුවත් Windows 7 වල ලැබෙන Window වල වෙනසක් ඇති බැවින්,
ඔබ භාවිතා කරන Operating System එක Windows 7 නම් පහත Link එක Click කරන්න.
12. එවිට ඔබට පහත පරිදි එය දර්ශණය වේ.
13. දැන් එහි රූප සටහනේ දක්වා ඇති Advanced නම් Tab එක මතු කර ගන්න.
14.එවිට ඔබට පහත පරිදි එය දර්ශණය වේ.
15. දැන් එහි ඇති Environment Variables නම් සඳහන් Button එකක් ඔබට පෙනෙනු ඇත.එය Click කරන්න. ඉහත රූපයේ එය දක්වා ඇත.
16. එවිට ඔබට පහත පරිදි Environment Variables නම් අලුත් Window එකක් දර්ශණය වේ.
17. දැන් එහි User Variables for Admin යටතේ ඇති New නම් සඳහන් Button එකක් ඔබට පෙනෙනු ඇත.එය Click කරන්න. පහත රූපයේ එය දක්වා ඇත.
18. එවිට ඔබට පහත පරිදි New User Variable නම් අලුත් Window එකක් දර්ශණය වේ.
19. එහි ඇති Variable Name එකට Path ලෙසත්,Variable Value එකට ඉහත Copy කරගත් Address එක Past කරන්න. ( පහත පරිදි )
20. දැන් OK Button එක මත Click කරන්න.
21. දැන් ඔබ නිවැරදි ලෙස Java Path එක සාදා අවසන්, නැවත Command Prompt එක අලුතෙන් Open කර javac එහි යන්න Type කර Enter Key එක ඔබන්න.
22. එවිට පහත රූප සටහනේ දැක්වෙන පරිදි Command Prompt එක දර්ශණය වනු ඔබට දැකිය හැක.
Post a Comment