GuidePedia

0
Windows XP සමඟ වැඩකල සමහර Software,Windows 7 වලදී  ක්‍රියාත්මක නොවේ මෙය මගහරවා ගන්නේ කොහොමද......?

මේ ලිපියෙන් අද මම ඔයාලාට කියා දෙන්න හදන්නේ ඒ ගැනයි

මේක මගේ යාළුවකුට ඇති වුණ ප්‍රශ්ණයක් එයාගේ Printer එකේ Software එක Windows 7 වල වැඩකලේ නෑ.මේකට විසඳුමක් හොයද්දි තමයි මට මේ ක්‍රමය හම්බවුනේ.ඉතින් මම තීරණය කලා එ වගේ ප්‍රශ්ණයක් ඔයගොල්ලන්ටත් ආවොත් ඒක විසඳන ආකාරය කියලා දෙන්න.

පැරණි පරිගණක වැඩසටහන් Windows 7 සමඟ හොදින් වැඩකිරිමට එම වැඩසටහන් Windows 7 Compatibility Mode එකෙන් Install කර ගත යුතුයි.

ඉතින් මෙය කරන්නේ කොහොමද... දැන් අපි බලමු එය;


1.මේ සඳහා මුලින්ම අදාළ වැඩසටහනේ Installation File (Setup File) එක මත Right Click කර Properties තෝරන්න. එවිට Properties Dialog box Window එක විවෘත වේ.


 2. එම Window එකේ ඇති Compatibility නම් Tab එක මත Click කර එය මතුකර ගන්න.

3. දැන් ඔබට Compatibility Mode ලෙස සදහන් කොටසක් දක්නට ලැබේ. එහි ඇති Run this program in compatibility mode for;  යන්න සක්‍රීය වී නොමැතිනම් එයට ඉදිරියෙන් ඇති කොටුව Click කර සක්‍රීය කරගන්න.

4. දැන් එයට පහලින් ඇති Drop Down Menu එකෙන් අදාළ වැඩසටහන වඩාත් හොඳින් ක්‍රියාත්මක වූ අලුත්ම වින්ඩෝස් සංස්කරණයේ නම තෝරා OK Click කරන්න.
(මෙහිදි ඔබට Windows 95 සිට Windows Vista sp2 දක්වා වූ Windows සංස්කරණ 11 එකක් තෝරා ගත හැක.)

5. දැන් ඔබගේ වැඩසටහන Install කරන්න.

6. එම වැඩසටහන Install කිරිමෙන් පසුවද එම ක්‍රියාමාර්ගයම නැවත අනුගමනය කරන්න. (මෙහිදි එම වැඩසටහනේ Icon එක මත Right Click කර Properties තෝරන්න.)


 
7. දැන් නැවතත් 02 පියවරේ සිට 04 පියවර දක්වා නැවත අනුගමනය කරන්න.


මිට අමතරව මෙම එකේදි එම වැඩසටහනට අදාළ වෙනත් සැකසුම්ද අවශ්‍ය නම් සකස් කර ගතහැක.නමුත් ඒවා කළ යුත්තේ ඒවා අපගේ පරිගණකයට අදාළ නම් පමණි.





Post a Comment

 
Top