1.පලමුව ඔබගේ පරිගණකයේ BIOS Setting වෙත පිවිස First Boot Device එක ලෙස DVD Rom එක තෝරා දෙන්න.
2.පරිගණකය On කර DVD Drive එකට Windows 7 Ultimate DVD එක දමා පහත තිරය ලැබුනු විගස Enter Key එක ඔබන්න.
3. ඉන් අනතුරුව ඔබට පහත පරිදි තිරයක් දිස්වේ.
4. දැන් මෙහෙයුම් පද්ධතියට අවශ්‍ය Files Ram එකට Copy වීම ආරම්භ වේ. ඉන් අනතුරුව ඔබට පහත පරිදි තිරයක් දිස්වේ.
5. ඉන් අනතුරුව ඔබට පහත පරිදි තිරයක් දිස්වේ.
6. මෙහි ඇති Drop Down Menu එක භාවිතා කර Windows 7 Ultimate Install කර ගත යුතු භාෂාව,මුදල් ඒකකය හා වේලාව දැක්විය යුතු ආකාරය තෝරා දිය හැක.
සැ:යු අප සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ U.S English Format එකයි.මෙය ස්වයoක්‍රීයව තේරි ඇත. මෙම Format එක පසුවද අපට වෙනස් කර ගත හැක. ඉන් අනතුරුව ඔබට පහත පරිදි තිරයක් දිස්වේ.
7. මෙහි දක්වා ඇති Install Now යන Button එක මත Click කරන්න. මිළඟට මයික්‍රොසොෆ්ට් සමාගමේ Windows 7 මෙහෙයුම් පද්ධතියට අදාළ License terms ඉදිරිපත් කෙරේ.
8. මෙහි ඇති I Accept the License terms සලකුණු කර Next යන්න Click කරන්න. ඉන් අනතුරුව ඔබට පහත පරිදි තිරයක් දිස්වේ.
9. මෙමගින් ඔබ Windows Install කරන ආකාරය විමසා සිටි.මෙහි ඇති,
Upgrade: යන්න මගින් කලින් ඔබ Install කර තිබු Windows Operating System එක මත Windows 7 Install කිරිම සිදුකරයි.
Custom: යන්න මගින් Windows 7 සම්පුණයෙන් අලුතින් install කිරීම සිදුකරයි.
මෙහිදි අප සලකා බලනුයෙ Windows 7 පූර්ණ Install කිරිමක් බැවින් Custom යන්න තෝරන්න. ඉන් අනතුරුව ඔබට පහත පරිදි තිරයක් දිස්වේ.
10. ඔබේ පරිඝණකයේ Hard Disk එක Partition කර ඇත්නම් කුමන Partition එකට Windows Install කල යුතුදැයි මෙම Window එකෙන් තෝරා දිය හැක.
නමුත් ඔබට ඔබගෙ Hard Disk එක Partition කිරිමට අවශ්‍ය නම් Drive Options යන්න Click කරන්න. එවිට ඔබට Partition කිරිමට අවශ්‍ය Options සක්‍රීය වී පහත පරිදි පෙන්නුම් කරයි.
11.මෙහි ඇති,
Delete: මගින් Partition Delete කිරිමද,
Format: මගින් Partition Format කිරිමද,
New: මගින් අලුත් Partition සැදීමද කල හැක.
අවශ්‍ය පරිදී අදාල Partition සකසා ගැනීමෙන අනතුරුව මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කිරීමට අවශ්‍ය partition එක තෝරා ඉදිරියට යන්න.
12. දැන් මෙහෙයුම් පද්ධතිය ඔබේ Hard Disk එකට Install වීම ආරම්භ වේ. ඉන් පසු පිලිවෙලින් පහත පරිදි Windows 7 Install වි, පරිගණකය Restart වේ.
13. පරිගණකය Restart විමෙන් පසු ඉහත තිරය ලැබේ. මෙහිදී ඔබේ පරිගණකය හාවිතා කරන්නාගේ නම ලබා දෙන්න. ඒ නමින් User Account එකක් මෙහෙයුම් පද්ධතිය විසින් ඉබේම සකස් කරයි. ඉන් අනතුරුව ඔබට පහත පරිදි තිරයක් දිස්වේ.
14. ඔබ විසින් සාදන ලද User Account එකට Password එකක් මෙහිදි ලබා දෙන්න.
සැ:යු මෙය ලබා දීම අත්‍යාවශ නොවේ .Next යන්න Click කරන්න.
15. මෙහිදි මෙහෙයුම් පද්ධතියට අදාළ product key එක විමසා සිටි.එය නිවැරදිව ඇතුලත් කරන්න. Next යන්න Click කරන්න.
16. පසු Windows Update සදහා වන සැකසුම් ඉල්ලා සිටි.මේවා ඔබට සුදුසු ආකාරයකට වෙනස් කර ගත හැක.
ඉක්මන් ප්‍රවේශය සදහා Ask me later තෝරන්න. ඉන් අනතුරුව ඔබට පහත පරිදි තිරයක් දිස්වේ.
17. මෙහිදි පරිගණකය ක්‍රියාත්මක කරන ප්‍රදේශය අනුව දිනය හා වේලාව සකස් කිරිමට ලැබේ . ශ්‍රි ලංකාව සදහා අදාල දිනය හා Time Zoneඑකට (UTC+5:30) Sri Jayawardenepura ලෙස ඇතුලත් කරන්න.
Next යන්න Click කරන්න.
18. මෙහිදි පරිගණකය ක්‍රියාකරන Network සබඳතාවය පිලිබඳව අදහස් ඔබෙන් විමසයි. ඔබ ඔබේ නිවසේ පරිගණක ජාලයක් භාවිත කරන්නේ නම් Home network යන්නද, ඔබ භාවිත කරන පරිගණක ජාලය නිතර වෙනස් වන්නේනම් Public network යන්නද තෝරන්න.
19. ඔබ තෝරා ගත් පරිගණක ජාලයට අදාල Settings Install විම මෙහිදි සිදුවේ.
දැන් නැවතත් ඔබේ පරිගණකය Restart වන අතර ඔබේ පරිගණකයට Windows 7 Install කිරීම අවසන් වේ.
ඉන්පසු පහත පරිදි ඔබට ඔබගේ Windows 7 Desktop Settings සකස් වී
අවසානයේ Desktop තිරය ලැබේ.
.
මෙහි පළවන කිසිදු ලිපියක් අපගේ අවසරයකින් තොරව නැවත පළකිරීමෙන් වලකින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
ela ela
ReplyDelete