Internet පාවිච්චි කරන
ගොඩදෙනෙකුට තියන අවුලක් තමයි අනවශ්‍ය විධියට ඇඩ් සහිත window Open වෙන එක, මේක නවත්ව ගන්න ක්‍රමය පරිගණක වැඩකාරයෝ දැනගෙන හිටියට
පරිගණකයට ආධුනිකයින් මේ ගැන දන්නවා අඩුයි...අන්න ඒ නිසා මේ popup
window නවත්වන්න
පුලුවන් ලේසි ක්‍රමයක් අද කියලා දෙන්න හිතුවේ.
මේ popup වලින් බේරෙන්න ක්‍රම
දෙකක් තියනවා
- වෙබ්සයිට් වල ඇති අනවශ්‍ය ලින්ක්/දැන්වීම් Click නොකර සිටීම.
- භාවිතා කරන Browser එකේ popup block වන අකාරයට Setting සැකසීම.
නමුත් ඉහත දක්වා ඇති ක්‍රම දෙකම අනුගමනය කලත් සමහරවිට හරි නොයන්න පුලුවන් , සමහරවිට හරියන්න පුලුවන්.
කොහොම නමුත්
අපි මුලින් බලමු කොහොමද Browse එක මගින් popup block වන ආකාරයට Setting සකසන්නේ කියලා.
Firefox වලදි මේ popup වලින් බේරෙන්න Firefox වලම දෙන Option එකක් තියනවා මුලින්
අපි ඒ ගැන බලමු.
2. එවිට ලැබෙන Menu එකෙන් Option යන්න තෝරන්න.( පහත රූපයේ පරිදි )
3. එවිට පහත රූපයේ පරිදි Option Dialog box එක Open වේ.
4. එහි Content යන Tab එක තෝරන්න. එවිට ඔබට පහත රූපයේ පරිදි දක්නට ලැබේවි.
5. එහි ඉහලින්ම ඇති, block pop-up windows යන්න ඉදිරියෙන් ඇති Tick එක දමා නැත්නම් එහි Tick එක දමන්න.
6. දැන් Exceptions යන Button එක මත කරන්න.
7. එවිට පහත රූපයේ පරිදි Allowed Sites - Pop-ups Dialog box එක Open වේ.
8. ඉහත රූපයේ A මගින් දක්වා ඇති කොටසේ Web Address එකක් සටහන් වී ඇත්නම්, ඒවා Remove All Sites Button එක Click කිරීම මගින් ඒවා ඉවත් කරන්න.
9. ඉන් පසු එහි ඇති Close Button එක මත Click කරන්න.
10. Option Dialog box එකේ ඇති Ok Button එක මත Click කරන්න.
11. දැන් ඔබ Browser එක මගින් Popup නතර කිරීමට Setting සකසා අවසන්, දැන් අපි එය Test කර බලමු.
12. ඒ සඳහා පහත දක්වා ඇති වෙබ් අඩවි වලට ගොස් බලන්න.එහි ඇති මත try test link Click කර බලන්න.
http://www.webroot.com/services/popuptester1.htm
http://www.popuptest.com/
13. මෙම වෙබ් සයිට් වල ක්රිෙයාකාරකම් කිරීමේදි popup window මතු නොවේනම් Setting සැකසීම සාර්ථක වී ඇති බව කිව හැකි වේ .. නමුත් ඔබ ටික දිනක් මෙම Web Browse මගින් අන්තර්ජාලය භාවිත කර වැරදි / නිවැරදි බව ස්ථීර කර ගන්න.
14. ඉහත දක්වා ඇති ක්රකමය සාර්ථක නොමැති වූයේ නම්, ඉතා පහසු ක්‍රමයක් වන පහත Firefox Add ons එක භාවිතා කර බලන්න.
15. පහත Link එක මගින් එය Download කර ගන්න.
https://addons.mozilla.org/en-US/firefox/addon/strict-pop-up-blocker/?src=api
16. එය Install වු පසු Toos --> Add-ons වෙත පිවිස අදාල Add-on නිවැරදිව වී ඇත්දැයි පරීක්ෂා කර බලන්න.
17. නිවැරදිව Install වූයේ නම් පහත රූපයේ පරිදි එය දිස් වේ.
18. දැන් Browser Home Page එකට පිවිසෙන්න එවිට එහි දකුණුපස ඉහළ කෙලවරේ පහත දැක්වෙන Icon එක දක්නට ලැබේවි.
19. දැන් එය මත කිරීම Click මගින් සක්‍රීය කර ගන්න. එවිට පහත රූපයේ පරිදි දිස් වේ.
20. දැන් නැවත පියවර 12, 13 කර බලන්න.
මෙහි පළවන කිසිදු ලිපියක් අපගේ අවසරයකින් තොරව නැවත පළකිරීමෙන් වලකින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
Post a Comment